Tuesday, April 14, 2009

සදික් “ඉබ්නුබතුතා” ලක්බිම ලිපිය කියවලා දුක හිතුනද? Reply

Reply to post atසදික් “ඉබ්නුබතුතා” ලක්බිම ලිපිය කියවලා දුක හිතුනද?


ඉතිහාසය ගලාගෙන යැමදී විවිධ් ආගම් උපරිම ලෙස දුයුනුවී ඇත එවගෙම එවා පරිහනියට පත්වි ඇත- ඉන්දියාවේ හින්දු ආගම යටපත් කරමින් පැතිරුනුබෞද්දාගම පසුකල්යෙදි නැවත හින්දු ආගමට යටත්වි පරිහනියට පත්විය ක්‍රිස්තියානී ආගම යටපත් කරමින් යුරොපයේ පුරා පැතුරුනු ඉස්ලාම් ආගම් නැවත පරිහනියට පත්විය (Islam In Europe)

ඉන්දුනීසියවෙ බෞද්දාගම /හින්දුආගම පරිහනියට පත්වි ඉස්ලම් ආගම පතිරුන බව ඉතිහාසක කරුනකි එය මෙම ලිපියට කිසිම සම්බන්දයක් නැතයි සිතමි (මම කියවා ඇති පරිදි ඉස්ලාම් ආගම වේගයෙන්ම ඉන්දුනීසියාවෙ පතුරෙනෙ එය බටහිර යටත් විජිතයක් ව පැවතුන කාලයේ ය)

ඉතිහාසයේ කරුනු සුදුවන්නෙ එම වකවානුවට අදාල දේශපාලන ් අර්ථික් ස්මාජ රාමුව තුලය වර්තමානයේ සිට එම කරුනු නැවත නිවැරිදි කල යුතුයි සිතීම මෝඩ ක්‍රියාවකි මන්ද යත් -වර්තමානයෙ ඇති සමාජ අර්ථිම් දේශපාලන පසුබිම සම්පුර්නයෙන් වෙනස් බැවිනි
ඉන්දියාවෙ සිටින එක් අන්තවාදී හින්දු පක්‍ෂයක් අයෝද්‍යාවේ පිහිටඅවුරුදු 600 පමන පැරනිි බාබ් රි මස්ජිඩ්යපොලවට සමතල කලේ පුරාන්යේ එහි හිබුනු හින්දු කොවිල (එසේ හින්දු කොවිලක් තිබුනු බවට පුරවිද්‍යාත්මක සාධකද නැත see Babri Mosque) නැවත සැදීමටය

කෙසේවෙතත්මට ප්‍රශ්නයක් ඇත- ඔබ මුස්ලිම් ජතිකයන් භාගයක් සිහල/දෙමල ඇයි පවසා ඇත එසෙනම් ෆුල් සිහල/දෙමල යනු කවරෙද?
සමහර සි0හල දේශපාලන පක්ෂ ශ්රීලoකීකයකු වීමට ෆුල් සිoහල වියයුතුයි පවසයි (ප්‍රබාහරන් ඊලමෙ සිටීමට ෆුල් දෙමල වියයුතුයි පවසයි)
ඔබගෙ පිලිතුරේ ශ්රීලoකාවේ සිටින ලක්ෂගනන්වන පෙරෙරේල ප්‍රානන්දුලා සිල්වාලා සහා යාපනයේ ජීවත් වනවැයි කියන දවිඩ කථාකරන බෞද්ද පුද්ගලයන් කොයි ප්‍රමානයකින් සිංහලද කිය පැහිදිලි කරනු ඇතයි සිතමි

5 comments:

  1. ආගම යනු අත හැරියොත් අත හරින්න වටිනාම දෙය වේ. ලොවේ ආගම් නොමැති වූවානම් අකාලයේ විනාශ වූ ජීවිත ගනන් කල නොහැකි තරමක් බේරා ගත හැකිය.

    මෙය මගේ මතයයි. කිසිදු ලෙසක අවමාන කිරීමේ අරමුණකින් කරන ලද්දක් නොවේ.

    ReplyDelete
  2. මෙම වීඩියෝ එක ඉබේ වාදනය වීමට නොතබන්න පුලුවන් නම් හොඳයි.

    ReplyDelete
  3. මෙම ප්‍රශ්නය මගෙන් නොඇසුවක් වුවද අදහස් අගය කරන නිසා, මගේ අදහස මේසේ දක්වමි.

    ප්‍රථමයෙන් කිව යුත්තේ වාසගමේන් ජන වර්ගය හෝ ආගම මිනිය නොහැකි බවයි.සිල්වලා පෙරේරලා වන සිංහල බෞද්ධ අය මෙන්ම සිංහල නොවන(බර්ගර්) කතොලික අයද සිටිති.මෙහිදි බර්ගර්වරුන් යනු ලන්දේසි,පෘතුගිසි හා සිංහල / දෙමල මිශ්‍ර විවාහ වලින් පැවත් එන්නන්ය.එහෙත් වර්තමානයේ ඔවුන්ද සිංහල , දෙමල මෙන් තවත් එක ජන වර්ගයකි.

    සිල්වා, පෙරේරා යනු පෘතුගිසි නාමයන් වේ.ඒවා පෘතුගිසි පාලන සමයේ මෙරට සිටි සිංහල බෞද්ධයන් ඇතුලු වෙනත් ජන වර්ගවල අය විවිධ හේතු මත ඇදාගන්න ලදි.මා දන්නා පරිදි සිදුවුයේ බෞද්ධයන් , පෘතුගිසින්ගේ ආගමවු ක්‍රිස්තියානි ආගමට මාරු විමේදි එවැනි පෘතුගිසි නාමයන්ද ලබා ගැනිමයි.

    අතිතයේ සිදුවු එම වරද වර්තමානයේ සමහරුන් විසින් නිවැරදි කරගෙන ඇත්තේ නැවත බුද්ධාගම වැලද ගැනිම මගිනි.

    කතාවට සාපේක්ශව පවසනවානම් ලක්ෂගනන්වන පෙරේරලා ප්‍රානන්දුලා සිල්වලා කිසිවෙකු හාෆ් නැත.එක්කෝ ෆුල් සිංහලය නැතිනම් ෆුල් බර්ගර්ය. ඒ මන්ද යත් ආගම හෝ වාසගම වෙනස් වුවද ජාතිය නොවෙනස්වු නිසාත් බර්ගර් යනු වෙනමම ජාතියක් වන නිසාත්ය.

    ඔබ අසන ෆුල් සිංහලයන්(සැබැ සිංහලයන්) කවුද? යන පැනයට නිවැරදි පිලිතුරක් මෙහි ඇත.(http://dilanqs.blogspot.com/2008/10/blog-post.html)

    gem පවසන පරිදි වර්තමාන මුස්ලිම් ජාතිකයන්ගේ ඇත්තේ මුස්ලිම් සිංහල/දෙමල මිශ්‍රනයකි.එය සතයක් ලෙස මාද සිතමි.පෘතුගිසි සිංහල/දෙමල මිශ්‍ර විවාහ නිසා බර්ගර් යන ජාතිය ඇතිවුවා සේ මුස්ලිම් හා සිංහල/දෙමල විවාහ තුලින් නව ජාතියක් ඇති නොවිය.සිදු වුයේ එම සිංහල/දෙමල අය මුස්ලිම් තුලට අවශේෂනය විමයි.


    පහත් උපුටාගැනිමටත් අවධානය දක්වන්න.

    "එහෙත්, අවුරුදු 150ක පමණ කාලයක් ලංකාවේ මුහුදුබඩ පෙදෙස් පාලනය කළ ප‍්‍රතිකාල්වරු සිංහල සංස්කෘතිය ඇසුරෙහි වෙසෙස් ලකුණු දෙකක් තැබූහඒවා නම් ස්වකීය ආගම හා ඔවුන් ගේ පුද්ගල නාමයන්ය. මෙහිදී සඳහන් කළයුතු තවත් විශේෂිත කරුණක් වන්නේ කතෝලික ආගම වැළඳගත් සිංහලයන් පමණක් නො ව බෞද්ධයන් ද පෘතුගීසි නම් හා වාසගම් වැලැඳ ගැනීම යි. අදත් බොහෝ සිංහල කතෝලිකයන් මෙන් ම බෞද්ධයෝ ද මේ පෘතුගීසි පෙළපත් නාම සිය පාරම්පරික උරුමයන් ලෙස සුරැකීමට මහත් කැමැත්තක් දක්වති. "(http://www.silumina.lk/punkalasa/20080127/_art.asp?fn=ar08012710)

    ReplyDelete
  4. සමාජ විද්‍යාවසම්බන්දයෙන් මට ඇත්තේ සමන්‍ය කෙනෙකුගෙ දැනීමකි. ඔබ ''පෘතුගිසි සිංහල/දෙමල මිශ්‍ර විවාහ නිසා බර්ගර් යන ජාතිය ඇතිවුවා සේ මුස්ලිම් හා සිංහල/දෙමල විවාහ තුලින් නව ජාතියක් ඇති නොවිය" සදහන් කරයි මට සිතෙන්නෙ එය වැරෙදියි කියාය. ඔබගෙ අදහස් වලින් පසු තව කරුනු සොයා බැලීමට සිතුනි-Thanks for ur comment

    ReplyDelete
  5. "ආගම යනු අත හැරියොත් අත හරින්න වටිනාම දෙය වේ. ලොවේ ආගම් නොමැති වූවානම් අකාලයේ විනාශ වූ ජීවිත ගනන් කල නොහැකි තරමක් බේරා ගත හැකිය."
    පිටස්තරයාගේ මතයට මමත් එකඟයි. ජාතිවාදී මුහුණුවරින් එන්නෙත් ආගම්වාදී ප්‍රශ්ණ. "ආගම' තරම් ජනගාතන කළ වෙනත් සංකල්පයක් නැතිව ඇති. මේ කියන්නේ 'ආගම ඇදහීම' ගැන නෙමේ. 'ආගම පැතිරවීම හා ඊට එරෙහිව ආගම රැක ගැනීම' ගැන.

    ReplyDelete

ඔබගෙ අදහස් අගය කරමි............